Tuesday, June 28, 2011

‎- මේ ආදරයම නොවෙදෝ -

මුහුණට වැටෙනා
කෙහෙලැලි එකිනෙක
සිඹිනා දෙතොලට
ලo වී ගෙන රහසේ

කියා දෙන්න මට
ආදර වැස්සට
නොතෙමී මේ හද
තියා ගන්නෙ කෙලෙසේ

වෙනදා හීනෙක
සිතුසේ පියඹන
මගෙ සිත අද
නැවතී කිමදෝ

මගෙ හද සසලව
යන ලෙස මතුවන
සිතුවිලි කන්දම
ආදරයම නොවෙදෝ






1 comment:

  1. ආදර වැස්සට නොතෙමී හිතක් තියාගන්න හැටි නම් දන්නේ නෑ. ඔන්න මනුස්සයෝ නැති නිරුදක කතරකවත් ගියානම් පොඩ්ඩක් උත්සහ කරන්න පුලුවන්.

    නමුත් අච්චර හිරකරලා එක්ටැම්ගේක රදවගෙන තියාගත්තු උන්මාද චිත්‍රා කුමාරිත් ආදරේ කලා හොදද ?

    ReplyDelete