- ප්‍රේමය මෙයද? මගෙන් නොඅසන්න -
නුඹ..
පෙර දිනක මා හද
ගෙල මුලින් සිරකොට
මරා දැමූ පවට
අද..
ඇගේ පෙම රුදුරු වී
වෙනස් වී ඇත
කිය කියා හද
පහුරු ගාමින් හඬන
මම..
එදා නුඹ මරා දැමූ හද
දෝතින් ගෙන..
නුඹේ
නෙතින් ගලන
කඳුළු දැක දැක
සිනාසෙන..
ප්‍රේමය මෙයද? මගෙන් නොඅසන්න..

No comments:
Post a Comment