Friday, June 17, 2011

මොණර කිරිල්ලී


හැඩ දෙතොල් රත් පැහැ‍ය අඩුවී
විඩාබර නෙත් යුවල පියවී
පා සළඹ ගැලවී ගියද පැටලී
රැඟුමකට සැරසෙත්ද මොණරී

දුහුල් සුදු සේද ඉහිරී
ගියත් ඇය රඟ දෙයි සිනා සී
නොදැන ඔහුගේ මියුරු පෙම් ගී
සඳ ගිලීයන තුරා පමණී                                                                    

No comments:

Post a Comment