Friday, June 17, 2011

මo මුලා වූ සමනළියක්මි...........


මම සමනළියක්....
ඔයා කිව්වා ඔයත් සමනළයෙක් කියල...
අපි ආදරේ කලා..
මම
ලස්සන පාට පාට හීන මැව්ව..
අර ඈත පේන දේදුන්න උඩ වහලා..
පහතින් පේන.. ලස්සන කඳු වැටි..කොල පාට  වනාන්තර.. දිය ඇලි
ඔයාට පෙන්නන්න.                                                                                                                                                          .
දෙතුන් වතාවක්ම..
මම ඔයාට අඬ ගැහුව මාත් එක්ක යන්න එන්න කියල..
ඒ හැම වතාවකම..
ඔයා බැහැම කිව්වා..
මම පස්සෙ දැන ගත්ත ඔයා  කඩදාසි සමනළයෙක් කියල...
ඔයාට ඕන උනේ අපිව වට වෙලා තිබුන කඩදාසි වලින් හදපු ලොකේ හැමදාම ජීවත් වෙන්න..
ඒක නිසා ඔයා.. 
ඔයා වගේම පියාඹන්න දන්නෙ නැති..
කඩදාසි සමනළියක් හොයා ගෙන.. 
මටත් නොකියම..
මම පියාඹනව..
සමනළ තටු රිදෙනකම්..
කැඩිල යනකම්..
හිතේ දුක හිඳෙනකන්ම...
අර ඈත පේන පාට පිරුන දේදුන්නට.........
 



No comments:

Post a Comment