Friday, June 17, 2011

සොයා දෙන්න!!!


මගේ හදවත..
සොයා දෙන්න..
නැති වුන දිනය..
තැන..
වේලාව..
හරියටම මතක නැතත්..
අන්තිමට දැකපු වෙලාවේ..
ගොඩක් දුකින් හිටියෙ..
මට විශ්වාසයි..
කවුරුත් නැති තැනකට වෙලා..
අඬ අඬ ඇති,,


 කරුණාකරල මට හොයල දෙන්න..

නෑ නෑ ඕක නෙමෙයි,,
මගේ හදවත ඔච්චර රළු නැහැ..
ගොඩක් සිනිඳුයි..


ආ..අර තියෙන්නෙ..
ඒක දෙන්න බලන්න..
හ්ම්
ඒකත් නෙමෙයි..
මගේ හදවත ඔච්චර නපුරු නැහැ..
අහින්සකයි..


පොඩ්ඩක් බලන්නකො..
කොහේ හරි ඇති..
හ්ම්..
ගොඩක් බර ඇති..
ආදරේ පිරිල..
අතට ගත්තම දැනෙනවා..


ආහ්...තව දෙයක්..
ලේසියෙන් අඳුරගන්න පුලුවන්..


හදවත හරි මැද්දෙන් කැඩිලා ගිය සළකුණක් තියෙනව..
ඔව්.. ඔව්..
ඒ වෙන් වෙලා ගිය තැන..මේ ලඟදි පාස්සන්න උත්සහ කරපු බවත් හොදටම පේන්න තියෙනව..
අනේ..
කවුරු හරි දැක්කොත් කරුණාකරල මට දැනුම් දෙනවද???..









No comments:

Post a Comment