Monday, June 20, 2011

- පොරොන්දුවට පොරොන්දුව- බොරුවට බොරුව-ආදරේ ගනු-දෙනු වක්ද? -


අපි දෙදෙන
තුරුළු වී හිඳ
ආදරේ කල දවස
මතකද ඔබට?


කිව් හැටි මතකද
ආදරේ මට
සවනට ලo වී
හෙමිහිට හෙමිහිට,,


හැර නොයමි 
තනි කර
කිසිම දින මා
පණ ගැහෙන තුරාවට,,


කිව්වා මතකයි
මමද හොඳ හැටි
දෑස් ලොකු කර
හැර ගියොත් ඔබ
පනිමි අර මුහුදට


හැර ගියා ඔබ
පොරොන්දුව කඩ කොට
පැන්නෙත් නෑ මo
අර කිව්ව මුහුදට,,


මැරෙන්න බය නෙමෙයි
ඔයා හිතුවට,,



කඩ කරන්නට
දුන් පොරොන්දුව
හැකිනම් ඔබට 
මටත් පුළුවන්....                                

No comments:

Post a Comment