Friday, June 17, 2011

ඒක සිහිනයක්..


සිහින ගනිනා නිමේශයක
නාස් පුඬු සිප
සුළන් රැල්ලක
ඇඳී ආ නුඹෙ සුවඳ
මතක් කලා නැවතත්
ඒ එක් සිහිනයක නුඹේ නමත්
ගෑවී ඇති බවට....



ඔබ සිහිනයක් නොව
සැබෑවක් වූ යුගයක්
තිබූ බව කිව යුතුය


පපුව සිර කල
බර සුසුම්
කම්මුලක වැදී යන තරම් 
ලoව කෙඳිරූ වදන්
තවම මතකද
මට මෙන් ඔබට?


සිහින ගනිනා නිමේශය
තවමත් හමාර නැත
හැකිද නැවතත්
එකම වරක් පමණක්
ඇසිපිය වසන ඇසිල්ලට
තබන්නට
අව්දින්
දෙතොල් පෙති මුද්‍රාව
...                                                          
Add caption
                                            
                                                

No comments:

Post a Comment