මo මුලා වූ සමනළියක්මි
මම පියාඹනව.. සමනළ තටු රිදෙනකම්ම.. කැඩිල යනකම්ම.. හිතේ දුක හිඳෙනකන්ම... අර ඈත පේන පාට පිරුන දේදුන්නට.........
Wednesday, December 21, 2011
Tuesday, November 29, 2011
නුඹ නැති සඳ
හදවතේ ඔයා හිටපු දවස් වලනම්..අදහස් වලින් පිරිල තිබුන ඒත් දැන් හදවත හිස් වෙලා.ආදරේ කියන්නෙ මට අයිති දෙයක් නෙමේ කියලයි මට දැන් හිතෙන්නෙ.ඉස්සර ලියපුකවි,පොඩි පොඩි කතා එකතු කරල පුච්චල දාන්න හිතෙනව.
''පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි..එක්ව කී කතා සවනේ දෝංකාර දෙයි..නුඹ උන්නු තැන හදේ තවමත් හරිම උණුසුමයි..ඉවසන්න බැරි තවම ඔබගේ වෙන්ව යාමමයි..''
ආදරේ නිසා අපි අපේ හදවත් රිද්දගන්නව වගේම තවත් අයගෙ හදවත් රිද්දනව.කාගෙ හරි අතින් තමන්ගෙ හිත රිදුනොත් හිත හදාගන්න ලේසියි.ඒ දේ තමන්ටනෙ උනේ කියල හිතල අපි කොහොම හරි හිත හදාගන්නව.ඒත් අපි අතින් තව කෙනෙක්ගෙ හිත රිදුනොත්?? තත්ත්වෙ ටිකක් බරපතලයි.සමහර විට ඒ කෙනා සමාව දෙන්න කැමති උනත්..අපි අපිටම සමාව දෙන්න අකමති වෙන්න පුලුවන්.
මේ හැම දේකටම විසඳුම කවදාවත් ආදරේ නොකර ඉන්න එකද? ඔව් සමහරවිට.
අපි හදිස්සි වෙලා සමහර වෙලාවට වැරදි බස් වල නගිනව.එහෙම වුනොත් අන්තිමට වෙන්නෙ අපිව අතරමං වෙන එක.ඒත් ඒ වෙනකොට අපි පරක්කු වැඩි වෙන්න පුළුවන්.එදාට ආපහු ගෙදර එන්න කාටවත් පාර කියල දෙන්න බැරි වෙයි.හදිස්සියෙවත් වැරදි බස් ව්කකට නැග්ගොත් කරන්න තියෙන දේ ඉක්මන් කරල ඊලඟ හෝල්ට් එකෙන් බැහැගන්න එක.ඊළඟ පාර බස් එකට නඟිනකොට යන්නෙ කොහෙද කියල හොඳට බලල නඟින එක.
එහෙම හදිස්සිවෙලා වැරදි බස් එකකට නැග්ග කෙනෙක්ව මං ලඟම තිබ්බ හෝල්ට් එකෙන් බස්සල ගෙදරට ඇරලුව.පාර නොදැන ගිහින් අතරමං වෙනවට වඩා නිවැරදි ගමනාන්තයකට යන බස් එකකට නඟින්න තව චාන්ස් එකක් ලැබුනු එක හොඳයි කියල එයාටත් කවද හරි හිතෙයි.
''මං මුලා වී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ..මං මුලා වූ සමනළියකගෙනි පාර අසා තිබුනේ...ඇයත් නොදන්නිය ඇය යන මානය..උන්හිටි තැන්වල මතකයෙ අඩමානය..පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගානය..
Saturday, October 15, 2011
Sunday, September 18, 2011
''හදවත නුඹේ මගෙ නමටම ලියූ වෙලේ
දැන්වත් සිනාසී රැඳියන් මගෙ තුරුලේ''
කිව්වා එදා තනි වූ දා සඳ එළියේ
මතකයි හොඳට මට නම් මේ අද වාගේ
යකඩ වුනත් කලකදි මල කන්නා සේදැන්වත් සිනාසී රැඳියන් මගෙ තුරුලේ''
කිව්වා එදා තනි වූ දා සඳ එළියේ
මතකයි හොඳට මට නම් මේ අද වාගේ
අම රස වුනත් කලකදි තිත්තයි වාගේ
අඩසඳ ලෙසින් පෙනුනා පුරසඳ නුඹගේ
හෙවනැල්ලත් ඇදයි කිව්වලු නොකෙරෙන දීගේ
පණ දීගෙන සිටි ආලේ විස වූ සේ
ලඟ සිටි නුඹත් නොකියම ගොස් දුර බැහැරේ
දුන්නත් ඇයට මට දුන් පෙම එක වාගේ
එදා වගේමයි තාමත් මගෙ ආලේ
Subscribe to:
Posts (Atom)