මට මතකයි..
මම පියෑඹුව..
ඔයාගෙ ඇඟේ ගෑවි ගෑවි..
මම් පියෑඹුව..
ඔයාගෙ තටු වල තිබුන සමහර පාට මගේ තටු වලත් ගෑවුනා..
මට හිතුන එතකොට මම තවත් ලස්සනයි කියල..
මම අඩම්බරෙන් ඈතට ඈතට පියාඹල ගියා..
ආපහු හැරිල බලද්දි ඔයා හිටියෙ නෑ..
ඔයා වෙන කොහෙටද පියාඹල ගිහින්..
මන් ඔයාව හැම තැනම හෙව්ව..
බැරිම තැන මහ හයියෙන් ඇඬුවා,,
ඔයා ඉන්න තැනකට ඇහෙයි කියල..
ඒත් ඔයා ආවෙ නෑ..
ටික දවසකට පස්සෙ මන් දැක්ක..
ඔයා වෙනද වගේම සතුටින් මගෙ දිහාට පියාඹගෙන එනවා...
ඒත් අද ඔයාගෙ එහා පැත්තෙන් පියාඹගෙන ආවෙ වෙන සමනළියක්..
රත්තරන් පාට දිලිසෙන තටු තියෙන ලස්සන සමනළියක්..
මගේ හිතට මහ දුකක් දැනුනත් මම හිත හදා ගත්ත..
ඔයා සතුටින් ඉන්න නිසා..
මට වඩා ලස්සන සමනළියක් ඔයාට ලැබුන නිසා..
එහෙම හිතල,,,
එදා ඔයාගෙ තටු වල තිබිල
මගේ අඟේ තැවරුන පාට කඳුලු වලින් හෝදල යවන්න හැදුව....
කොච්චර හේදුවත් මට තාමත් ඒ පාට යවා ගන්න බැරි උනා..

No comments:
Post a Comment