- මඟ නොදැන ඉගිලෙමි -
මට නිදහසේ ඉන්න දෙන්නෙ නැහැ
ඔයාගෙ ඔය ඇස් දෙක
ඇත්තමයි,,
යන්න දෙන්නෙ නැද්ද
ඉගිල්ලෙන්න ඕනෙ මට
වෙනද වගේම,,
ඔයාගෙ හීන බර වැඩියි
මගෙ හිත උඩින් තියන්න එපා
හිත කැඩෙයි,,
ඔයාගෙ ලෝකෙ ලොකුයි
මගෙ ලෝකෙට වඩා
සසඳන්නෙ ඇයි
දැන දැනම,,
අතාරින්න මගෙ හිතින්
මo යනවා..
එන්නෙ නෑ සත්තයි,,
හා හා මේ එලිවෙලා දැන්වත් නැගිටිනවා...
ReplyDeleteඔය අහස හිතන තරම් සුන්දර නැ...
ReplyDeleteඉමක් කොනක් නැ...
කුණාටු වලින් පිරිලා,
උබට මං නැතිව පියාබන්න පුලුවන්ද,
ඔය අත්තටු වලට රිදෙවිද?
එක මට ඉවසන්න පුලුවන් වේවිද?
යන්න කියලා කිව්වට යන්න බෑ නේ ? බැඳීම් වලින් බඳවගෙන තියා ගන්නවා නේ ?
ReplyDelete