Tuesday, June 21, 2011

- නොදැනුනු හාදුව -

කඳු අතර උපත ලද
ගී ගයන සියුමැලි
සුළo දෙව්දුව
මල් පියළි ඇමිණූ
සීත සළු හැඳ


නොවරදවාම හැම දින
ලොව නිදන යාමෙට
කවුළුව අතරින් 
යනවාලු ඔහු
නිදන කුටියට


නිදන ඔහු හට
නොදැනෙන විලසට
කළු රැවුල් කොට
පිරිනු කොපුලට
සුදුමැළි දෙතොලින්
තවරා හාදුව


පැන ගොස් නැවතත්
කවුළුව පිටතට
නිදනවාලු 
සැඟවී
කඳුවැටි පිටුපස






3 comments:

  1. නොදැනෙන්න දීපු හාදුවක්. ලස්සන අදහසක්. නංගි බ්ලොග් ලියන්නේ අළුතින් නේ. දිගටම ලියන්න. අපි කියවන්න එනවා. බ්ලොග් කළාවේ ඉදිරි ගමනකට මගෙන් සුබ පැතුම්

    ප.ලි. - ආපු එකේ ෆලෝ පාරකුත් දාලා යන්නම්. දිගටම එන්න බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
  2. word Verification අයින් කරන්න. එතකොට කමෙන්ට් කරන්න හරිම ලේසියි. ඒකට මේ ටියුට් එක ප්‍රයෝජනවත් වෙයි.

    ReplyDelete