Sunday, June 19, 2011

- කඩාකප්පල් වූ ජීවිතය -

සොයා ගතිමි
මo මගේ නිදහස
කඩාකප්පල් වූ
ජීවිතය තුල

ක්‍රමානුකූලව සැකසූ
සැපවත් අනාගත හීනය
බිඳ දැමූවෙමි,,,

ජීවත් වෙමි
මොහොතින් මොහොත
අනාගතය
අතහැර
වත්මන තුල,,

අනාගත සැළසුම්
කිසිත් නැත
අද දවස පමණි
ඉතිරි මා හට,,

සිහින විසිකර
හුස්ම ඇහිඳිමි
කඩාකප්පල් වූ ජීවිතය තුල,,

''මම නිදහස්''
හඬ ගා කියමි

ඉගිල යමි
අරමුණක් නොමැතිව,,
පෙර දිනක නොතිබූ
සැහැල්ලුවකින්,,

කෑ ගසා කියමි
යලි යලිත්
නුඹට මෙන් මට නැත
පරිස්සම් කරන්නට
හීනයක්,,
ගොඩ නගන්නට
අනාගතයක්,,

''මo දැන් නිදහස්''                                                               

2 comments:

  1. හීන නැතිමුත් ඔබේ හිත ළඟ
    අනාගතයට අතවනන්නට
    හැකිය තවමත්

    එහෙත් කඩප්පුලි ජීවිතය තුළ
    ඔබ යොදාගත්තේ තවත්
    පිළියමකි ‍මෙය
    කම් නැත ජීවත් වනු අද දින

    අදහස මරු ......................තව ලියන්න.

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි ආසිරි

    ReplyDelete