Wednesday, June 29, 2011

රෝමියෝ -ජුලියට් (සම්මුඛ පරීක්ෂනය)


යා දන්නවද ජුලියට් .. වෙරෝනා නගරයම
අපේ ආදරේ පාට ගෑවුනු සුවඳ හමන පුංචි මල් වලින් පිරිල..
හොඳ වැදගත් පාට ලස්සන ගවුමක් ඇඳගෙන එන්න අපි ඇවිදිමු අද දවසම..
..............................
..........................
ජුලියට් දන්නවද මං ආදරෙයි මුළු ලෝකෙටත් වඩා .. හැබැයි එක දෙයක්...ඔයා ඔයාගෙ නම කාටවත් කියන්න එපා..එතකොට හැමෝම දැනගනියි මං ආදරේ කරන්නෙ පහත් කුලේ කෙල්ලෙකුට කියල..ඔයා දුප්පත් කියල..ඔයා ඒ තරම් දුරට ඉගෙන ගෙන නැහැ කියල කාටවත්ම කියන්න එපා.වැඩිය කාත් එක්කවත් කතා කරන්න යන්නත් එපා..මේ අහන්න මං ඔයාට ආදරේ තමයි..ඒත් ඔයාව බඳිනවද නැද්ද කියල මට තව හිතන්න ඕනෙ..
ඇයි මොනවත් කියන්නෙ නැත්තෙ... කියන්න ම්ං අහගෙන ඉන්නෙ
..............................
..........................
මට ඔයගෙන් අහන්න තියෙන්නෙ එකම එක දෙයයි.. මම ජුලියට්..ඒක ඔයාට දැනෙනව ඇති... ඒත් ඔයා රෝමියෝ ද??


4 comments:

  1. මම නම් රෝමියෝ ජුලියට් ට කැමති නෑ. මම් ආස සාලිය අසෝකමාලාවන්ට !!!!

    ReplyDelete
  2. රෝමියෝ ජුලියට දැන් ඉතිහාසයක් විතරයි....

    ReplyDelete
  3. romeo juliet unath..saaliya ashoka mala unath e aya athara thibbe adaraya..mama aasa e adarayata..man eyalage identity card eka thama baluwe na..mona rate ayada kiyala balanna

    ReplyDelete
  4. මගෙත් එච්චර ඉන්ට්‍රේස්ට් එකක් නැහැ ඔය රොමියෝ ජුලියට්ලට ....

    ReplyDelete