Sunday, September 18, 2011


කිරි සුවඳ මුහු කොට..
සිහින පොදි ගෙන
පුංචි ගවුමේ
මැහුව ගෙත්තම..
බොඳ වුනත්
පොඩි දෝණියේ..

කඳුළු කැට ගෙන
සඟව ගත්තෙමි
ලෝ දහම සිහි වුන
වෙලේ...

ජීවිතය නම් ගඟකි
නොසැලී ගලන ගතවන
හැම පැයේ..
නිසැකයෙන් හමු වෙමු යළිත් අප
ගලන මේ ජීවිත ගඟේ...

1 comment:

  1. කඳුළු කැට ගෙන
    සඟව ගත්තෙමි
    ලෝ දහම සිහි වුන
    වෙලේ...

    මෙන්න මේ කවි පද ටිකට මම් ගොඩක්ම ආසයි. හේතුව නම් දන්නේ නෑ. නමුත් හිතට ගොඩක් වැදුනා.

    ReplyDelete