Friday, September 2, 2011

රෝස උයනින් එහා ලෝකය........................................... . .


පැමිණෙන්න 
මා දෑත ගෙන
පියමනින්න
විවර වුනු දොර පියන් සහිත
රෝස මල් උයන වෙත..........


තැනින් තැන පිපුණු
දුහුවිලි වැදුනු රෝස මල්
මුමුනාවි උන්ගේ බසින්
අපට පමණක් ඇසෙන විලසින්
අතීත ප්‍රේමවෘතාන්තයන්
කිසිදා අනාවරණය නොවුනු.......


කෙඳිරිලි හඬට
දෙසවන් යොමු නොකරන්න
පෙම්වත...
හඬ නොනැගෙන පරිදි
පියවර තබා
ඇවිද යමු අපි
රෝස මල් උයන අවසන
කිසිදා විවර නොකළ
දිරා ගිය  දොරටුව වෙත....


5 comments:

  1. සෑහෙන සාහිත්‍ය රසයක් තියෙනවා,ඔහොම යං.

    ReplyDelete
  2. රෝස උයනින් එහා ලෝකෙට
    පියඹන්න හදන සමනළියකගේ කව...

    අපූරුයි...

    ReplyDelete
  3. ලස්සන කවි සිතුවිල්ලක්.
    කාලෙකට පස්සේ දැනුයි මෙහෙම පෝස්ට් එකකින් හරි දකින්න ලැබුනේ.

    ReplyDelete
  4. ගොඩක් ස්තූතියි හැමෝටම

    ReplyDelete
  5. ම්ම්ම්ම්ම්ම්ම්..... හුගාක් ලස්සනයි.. හොද හැකියාවක් තියන්වා.. දිගටම ලියන්න..:)
    ජය වේවා....!!!!!

    ReplyDelete