Thursday, July 7, 2011

- බල්ලෙකුට ආදරය කලෙමි -

''අනේ හරි අහිංසකයි නේද..බලන්නකො හරි හුරතල්''
එහෙම හිතල මමත් ගෙනාව
පාරේ හිටපු බලු පැටියෙක්
ලස්සන නිසා  වර්ගෙ හෙව්වෙත් නෑ..
සුපර් මාර්කට් එකේ තිබ්බ
සුපිරි කෑම දීල
උදේ දවල් බලා ගත්ත
මගෙ කාමරේම තියලා
 මාසෙකින් විතර හොයන්නවත් නෑ


ඊයෙ පෙරේද මං දැක්ක
එහා ගෙදර අන්කල්
රට ඉඳන් ගෙනපු
බැල්ලි එක්ක වත්තෙ සෙල්ලම්  කරනව
 ''අපරාදෙ මගෙ ආදරේ..
බල්ලෙකුට දීපු ''
මට එහෙම හිතුනත්
අන්තිමට බල්ලට ගැලපෙන බැල්ලියෙක් හම්බුනානෙ
කියල සතුටු වෙන
ආදරණීය හිතක්
මට නැත්තෙම නෑ



4 comments:

  1. කොහොමහරි ඒ බල්ලගේ අනාගත සහකාරි හම්බ උනා නේ. ඔන්න එහෙනම් බලු කපුටු දානයක් දෙන්න අමතක කරන්න එපා.

    ReplyDelete
  2. හෙහ් හේ . . . නංගී බලු කපුටු දානයක් දෙන්න බල්ලෙක් හොයාගන්න නම් ලේසි නෑ . පූසෝ නම් මුහුණු පොතේ ඕන තරම් ඉන්නවා . ඒ ඇරත් අපේ සුදු කපුටත් ඉන්නේ . නේද . . .

    ReplyDelete
  3. මොන උනත් ඉතින් එතනත් ආදරයක් නෙ නේද

    ReplyDelete
  4. වෙනස්ම විදිහක අපූරු සිතුවිලක්... ලස්සනයි...

    ReplyDelete