Monday, July 11, 2011

- මිනීමරු පෙම -

කළු වළාවට තුරුළු වී සඳ
බලාගත් අත බලන් ඉනු කිම
හිරුට බැඳි පෙම හිතේ තද කර
ඉකි ගසා දුක් ගී ගයනවද

දෙකම්මුල් තෙත් කරන් වැගිරෙන
කඳුළු පිස දා නෙත් වසාගෙන
පහළ විල වෙත පැන්න පුන් සඳ
හිරුට නොකියම දිවි නසාගෙන

විලේ පතුලට කිඳා බැස ගිය
සඳේ සේයා සොයනු කෙළෙසක
දෙ අත් හිස් වූ කළු වළාකුල
රැයේ ඉකි බිඳ හඬනු ඵල නැත




6 comments:

  1. දිටියේද ,
    අමාවක අහසක
    හැගුම් විරහිත
    සොවින් බර බැළුමන් . . .
    අපූරුයි නුඹ
    ගෙතූ විලසට
    හැගෙයි පෙම තුළ
    බිඳුණු පෙම්දම් . . .

    ReplyDelete
  2. අම්මෝ මිනිමරු පෙමක් ගැන ලියලා තියෙන්නේ. :(

    ReplyDelete
  3. ලස්සන කවි සිතුවිල්ල

    ReplyDelete
  4. අම්මෝ ඉක්මනට හැංගෙනු.. පොලොසියෙන් එයි තව ටිකකින්... :P

    ReplyDelete