Friday, July 15, 2011

තත්පරයත් කල්පයක් ________________

සැනසීම නැති වෙලා 
දැන් මාසෙකටත් වැඩියි,,
මාව හොයාගෙන එන්න 
නැද්ද කල්පනාවක් දැන්ම,,

ඇස් වලට නිදිමතලු
දැන් පැය තුනකටත් වැඩියි..
හදවත,,
නැද්ද කල්පනාවක් දැන්ම
නිදා ගන්න,,

මං ආදරෙයි කියල,,
සතියක් වෙනව..
ඔයාට 
නැද්ද කල්පනාවක්..
මට ආදරෙයි කියන්න

ඔයාට මේ ගෙවෙන 
තත්පර ගැන ගානක් නැද්ද,,
මට නම් කල්පයක්..
නෑ නෑ ඊටත් වැඩියි,,

මහෙ හිත රිදවල
නිදි දෙව් දුවට වෙඩි තියල 
ඔයා අදත්
ගොරව ගොරව නිදිද,,,,




1 comment:

  1. මටත් කාලයක් ඔය වැඩේම උනා. මම කෙල්ලෙක්ට ආදරේ කියලා සතියකටත් වැඩියි. එයා ආදරේද කියලා කිව්වේ නෑ.
    එහෙම ඉදලා මට එපා උනා. පස්සේ ආදරේ කියලා කිව්වා. :)

    ඒ වගේ ඔයාටත් ආදරෙයි කියලා කියයි.

    ReplyDelete