නිවි නිවී දැල්වෙන
ඉටි පහන් දැල්ල යට
දෙනෙත් රතු වී බොඳව යනතුරු
හිරු නඟින යාමෙට
ලියා අහවර කෙරුනු
මගේ අවසන් කවිය
ඔබ නමින් පද බැඳුනු
බහාලූයෙමි ආදරේ පිරවූ
රෝස පැහැ ගත් පුංචි කවරෙක
කවි කතා පිරවුනු
දූවිලි වැදුනු පරණ පෙට්ටගම
ඇඳ යටින් ගෙන පිටට
ඉබි යතුරු ගලවා තැන්පත් කලෙමි
ඔබේ ඇස නොගැටුනු
සියදහස් වර ආදරේ ලියැවුනු
කවි කොළ අතර
රෝස පැහැ ලියුම් කවරය
ලියුම් කවරයක බහාලමින්
ReplyDeleteපෙට්ටගමේහි තැන්පත් කළ
අවසන් කව වුවද එය
නොලිය යුතුය මෙහි
අවසන් කව ඔබ... :)