Thursday, July 14, 2011

- අහසට දැඩි අලාභ හානි -

අහසින් පර්චස් දහයක් ණයට ඉල්ලගෙන
අපි දෙන්න ඊයෙ රෑ පණ දාගෙන
එස් එම් එස් කොටල කොටල
හදපු මාලිගාවෙ
මුදුන් වහල
සුදුම සුදු වළාකුලකුත් ඉරාගෙන
අහස උඩටම නැගල...
හඳේ නිකටෙ වැදිල
දඩෝං ගාල..
ඔය අතරතුරේදි අහල පහළ හිටපු
පුංචි තරු කැට දෙකක් තුනක්
එහෙට මෙහෙට පැනල යන්තම් ඇඟ බේරගෙන,,,

බයවෙන්න එපා අනේ,,
එයාලට අපිට නඩු දාන්න බැහැ...


''අහසෙ මාළිගා හදන්න කාගෙන්වත් අවසර ඕනෙද..!!




3 comments:

  1. කාගෙන්වත් අවසර නම් ඕනේ නෑ.
    ඊලඟ පාර අහසේ මාලිගා හදන්න පටන් ගන්නකොට වැඩිපුර කීයක් හරි රීලෝඩ් කරගෙන වැඩේට බහින්න.එතකොට ඔහොම වෙන්නේ නෑ.

    ReplyDelete
  2. අනේ මේ ඉන්න බලල් තඩියා මරු...

    නඩු නම් දාන එකක් නැහැ..හද නිකට වැදිලා බේරුනා මදැයි...

    ReplyDelete
  3. වෙලාවට අහසේ මාලිගා හදන්න කාගේවත් අවසට ඕනේ නැත්තෙයි. කාටවත් පේන්නේ නැත්තෙයි. නැත්තං මම හදලා තියන අහස් මාලිගා මගේ මවුතුමී එහෙම දැක්කොත් මම කපෝති :)

    ReplyDelete