Monday, July 18, 2011

- සඳ සාවා වෙතට -

මීට ඉස්සර
කඳුකරේ දුව පැන
ආදරෙන් අපි
හිටියා තුරුළුව

දවසක් ඔයා කිව්ව
හඳට ගිහින්
කිරියි
පැණියි
අරන් එන්නම්,,

වෙනද වගේම
උඳුපියළිය ගාල මත
වැතිර ගෙන කමු
අපි රස කර,,

එහෙම කිව්ව ඔයා
හඳට යන කෝච්චියෙ
ඉස්සරහම නැඟල යන්න ගියා
මට අතකුත් වනල,,

හඳේ හෙවනැල්ල
පොළොවට වැටෙන තැන,,
නොවරදවාම හැමදාමත්
එනව කිව්ව වෙලාවටම ඇවිත්
බලන් ඉන්නව මo තාම...

ඔයාට තාම හම්බුනේ නැද්ද
කිරි පැණි??
                                                                               - සාවිගෙන් -



2 comments:

  1. කිරි පැණි ලැබුනොත් මටත් ටිකක් තියලා තියන්න හරිද ?
    ලස්සන කවි පද ටික !!!

    ReplyDelete