Monday, July 4, 2011

- ඔබේ නමින් මගේ සොහොන් ගීය -

මා මළ පසු
සොහොන් කොතෙහි ලියනු මැනවි
ඔබට නොකියූ හිතේ සැඟවූ
දෑසින්ම පමණක් ඔබට පැවසූ
ඒ වදන්
''ආදරෙයි මං''
වෙනෙකෙකු කොළයක අත්සන් කර
සින්නක්කරම අයිති කර ගත්
මුළු හදින්ම
තවම ඔබට
කිසිදා නොලැබෙන
කිසිදා නොකියන
රෑ සිහිනෙන් තවමත් මා
හිටි ගමන් ඇහැරන
මගේ ''ප්‍රථම ප්‍රේමය''
නුඹ තවම.....


4 comments:

  1. ලස්සන අදහසක්. !!!!

    "ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
    කොතනක හිටියත් මා මල දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනවි"

    ReplyDelete
  2. ඔබේ මරණය දකින්න මේ දෑස පව් කරලා නැ...ඊට කලින් මගේ මල ගමට එන්න..

    ReplyDelete
  3. මම නම් පතන්නේ මම් ආදරය කරන කෙනාට වඩා දවසක් හරි ජීවත් වෙන්න ලැබෙන්න කියලා.
    නැත්නම්
    මම් මලාම එයා තනි වෙනවා !!!!

    ReplyDelete
  4. මදුරංග ගෙ අදහස ලස්සනයි..

    ReplyDelete