Thursday, July 21, 2011

වෙඩි වැදුනු සමනළ්ලු________

විලෝ ගස් යාය මැදින් පියාඹා එන
නෙක පැහැති සමනලුන්,,

කඳුකරේ සැඟව
පතොරම් තුවක්කුව
මානා සිටින අනංගයා අතින්
වෙඩි කා මිය යාමට නියමිතය

එක පෙලට පියඹා එන
සමනලුන් එකා දෙන්නා
හදවත හැඩයෙන් සැකසූ
පතොරම් ඉදිරියේ
නිර්භීත පෙම්වතුන් මෙන්
පපුව දී
මිය ගොස්
තණ බිම මත
පතිත වෙති

අතරින් පතර
වෙඩි නොවදින ඇඳුම් හැඳ
කල්තියා සූදානම් වී පැමිණි
සමනලුන් දිවි ගලවාගෙන
නැවතත් විලෝ ගස් අතර සැඟවෙති

කළුවර ගලා එන
හවස් යාමෙට
තණ බිම වෙත පැමිණෙන
පුංචි කොළුවෙකු
මල් පියළි අහුලනු
ඈතට පෙනුන මුත්
එහි පැමිණෙන්නේ
අනංගයාම බවත්
ඔහු අහුලන්නේ මල් පියළි නොව
සමනල් පියාපත් බවත්
විලෝ අතු හොඳින් හඳුනති




2 comments:

  1. ලස්සන කවි සිතුවිල්ලක් !!!
    සමනලුන්ට වෙඩි තියන්න එපා !!!! ඒක පව් වැඩක් :)

    ReplyDelete
  2. අනංගය තමයි ඔය පව් වැඩ කරන්නෙ

    ReplyDelete