Wednesday, July 20, 2011

අව්රෝරා කුමරිය__________


අව්රෝරා කුමරිය
සියවසක නිදි ගැට හැර බලා සිටිනු

නපුරු මායාකාරිය
මග දිගට එලනලද
මායම් දැල ඉරා
සිරුර සම් මස් ඇට
දවායන තරම් රුදුරු
ගිනි දැල් විදින
ලේ පැහැති මකරුන් මරා
එන්නම් නුඹ සොයා,,,

අව්රෝරා කුමරිය
මා එන්නටත් කලියෙන්
කුමර වෙස් ගත්
ගමේ ගොඩේ රස්තියාදුකාර
කොලු ගැටයන් විත්
නුඹෙ දෙතොල සිඹීවි
තවම නිදි මෙන්
දෙනෙත් වසාගත්වනම
සිටින්
මා වෙනුවෙන්ම..

එදවස
මහජන උද්‍යානය වසා සිටි
නා රුක මුල හිඳගෙන
බිම වැටී තිබී
හිස ගැසූ නාමල
තවම සුවඳද??

කුමරිය සොයා එමි
හැකි ඉක්මනින්
සයනයේ වැතිර
දෙනෙත් වසාගෙන
සිටින් නිදිමෙන්
මා විත්
නුඹෙ දෙතොල 
සිඹින තුරු,,


2 comments:

  1. කුමරුනි ,
    වසාන ඉමි
    දෑස කිසිවිටක
    නොහරිමි . . .

    පවසන්න ,
    කෙලෙසකද සොයනුයේ
    කලක් ගතව පෑමින
    සිපගන්න උරුමකරු
    නුඹම දෑයි
    තිර ලෙස . .

    එන යන
    සිපගන්න
    නුහුරු නුපුරුදු
    අනන්තවත් අය අතර
    වෙනසක් නොදැනේවි
    දහස් ගණනින් පෑව
    චුම්බනයෙන් වෙනසක්
    මට . .

    නපුරු මන්තර
    දසත වටවුණු
    මේ බිමෙහිම මෙලෙස
    තවත් තරකොට
    දෙනෙත් වසාගෙන
    නිදන්නම් සදහටම
    සිප නොගෙන
    දහස් ගණනින්
    එන යන අය . . .

    අවුරෝරා වෙමි මම
    පතන්නම් මතු දිනක
    උපදින්න නුඹ වෙතම
    මන්තර කාරිගෙන් මිදුණු
    අපේවුණු ලෝකයක . . .

    ReplyDelete
  2. අව්රෝරා කුමරිය
    සිටින් නිදා ගත් වනම
    මා විත් අඬ ගසන්නම්
    පෙරදින
    මහජන උද්‍යාන්ගනය
    සිසාරා අත් වැල් බැඳන්
    යමින් ගමන්
    නුඹට ඇමතූ සුරතල් නාමයෙන්..
    ඔබ මා පමණක්ම දන්නා..
    ඒ නැතත් හඳුන ගනීවී
    නුඹ මගේ උණුහුම
    සසර බැඳි සෙනෙහස..

    ReplyDelete