Sunday, July 17, 2011

පර වුනු මල් __තාමත් ___සුවඳයි_______

හම්බුනා මට
රතු මල් ගවුම 
අල්මාරියක් අස්සක තිබිල,,

හොඳටම පරණයි,,
රතු පාට සායම් බොඳ වෙලා
පිච්ච මල් පරවෙලා ගිහින්,,

ආදර හාදු වැස්සකින්
ඒ මල් පිපේවි 
නැවතත්,,
ඔබ ආවොතින්,,

කොච්චර පරණ වුනත්,,
ගවුම උඩ ඒදා පිපුන මල්
තාමත් සුදු පාටයි,,
පරවුනත් තාමත් සුවඳයි,,
හරියට අපේ ආදරේ වගේ....




5 comments:

  1. අම්මෝ ඇති යාන්තම්... අපි බය වෙලා නොව හිටියේ..:)

    ReplyDelete
  2. ඔයාගේ නිර්මාණ අල්මාරියක් අස්සේ තියන රතු ගවුමට විතරක් සීමා නොකර එතනින් එහාට කරන්න පුළුවන්නම් හොඳයි කියලා හිතෙනවා. හැම නිර්මාණයකම එකම අදහස එක එක විදිහට කියන්න උත්සාහ කරන ගතියක් තියනවා.
    කොහොම වුනත් ඔයා මේ ලියනවා ඇත්තේ ඔයාට හිතෙන දේ නේ...
    මම නිකමට කිව්වේ... මේ රාමුවෙන් පිටතට ගිහිනුත් නිර්මාණ කරන්න උත්සාහ කරන්න කියලා :)

    ReplyDelete
  3. ආදරයත් එක්කම තිබුනු මතකයන් අමතක කරන්න පුලුවන් නම්...එත් කවදාවත්ම බැ...

    ReplyDelete
  4. නිම්සා: ඕවා කොහොම හරි අමතක කරලා දාන්න නංගී. අමතක කරන්න බැරි වුනත් අමතක කරා වගේවත් ඉන්න. ඇත්තම කියනවනම් මම දැන් වැඩිය ඔයාගේ බ්ලොග් එක පැත්තට නොඑන්නෙත් බූට් කතාම කියවලා එපා වෙලා නිසා :-/

    ReplyDelete