Saturday, July 16, 2011

රතු පාට මල් ගවුම __________

මං හෙව්ව පණ දාගෙන..
රතු පාට මල් මල් ගවුම..
මුළු ටවුමම පීරල..
පාරක් පාරක් ගානෙ..
කකුල් කඩිත්තුව හැදෙනකන්..
එදා අපි පාර දිගේ ඔහේ ඇවිදන් යන ගමන්..
මම ඔයාට නිකමට වගේ පෙන්නුවෙ..
කියන්නම දෙයක් නැති කමට
ඔයා,,
නිකමට වගේ මට ලස්සනට තියෙයි කිව්වෙ..
ඔව් ඔව්..එදා තමයි..
නිකමට වගේ ඔයා මට ආදරෙයි කියපු දවසෙ..
අද ඒ කඩේ එතන නෑ..
පදික වේදිකවෙ තිබුන කඩ සේරම නගර සභාවෙන් ඉවත් කරල..
අද ඒ ගවුම හොයන්නවත් නෑ..
අද ඔයා හිටියනම්..
නිකමට වගේ මට හරියන වෙන ගවුමක්
තොරල දේවි..




4 comments:

  1. කඩෙත් නෑ. ආදරෙත් නෑ. ගවුමත් නෑ. ගවුමක් තෝරලා දෙන්න කෙනෙකුත් නෑ. එතකොට ගොඩක් දුකයි නේ නංගි.
    මේ ළමයට කොහොම කවි සිතුවිලි මතක් වෙනවද මන්දා.
    ආයෙත් අහන්න දෙයක්ද මාතර කිවිඳියක් නෙ.

    ReplyDelete
  2. මං මුලා වූ සමනළියකුත්
    හොයා ගෙන
    ෆෙස් බුකියෙනුත් පාර
    අසා ගෙන
    නිකමට වාගේ ගෙදරට
    ගොඩ වැදුනම
    රතු පාට මල් මල් ගවුමක්
    හිතේ රුවාගෙන
    ළතවෙන ඔයාව දැක්කම
    හෙමිහිට
    සත්තයි ඇඩෙනවා
    කඩයක් දැක්කම...:)

    ReplyDelete
  3. එයත් නැත්තම්
    කඩෙත් නැත්තම්
    මොකටද රතු ගවුම්
    ගහලා තව රවුම්
    හොයමු වෙන ගවුම් :D

    ලස්සන නිර්මාණයක්. හැබැයි මේකට වඩා "තත්පරයත් කල්පයක්" එක මට අල්ලලා ගියා. මේ බ්ලොග් එක අද දැක්කේ. ආයේ එන්න ඕනේ. මොකද මගේ යාළුවෙක් ඔයාගේ බ්ලොග් එක උඩ ඉඳන් මවුස් පොයින්ටර් එකට කුරුමානං අල්ලනවා :D

    ReplyDelete
  4. ගොඩක් ස්තූත්යි හැමෝටම..හරිම සතුටුයි,,,මගෙ නිර්මාණ බලලා රස විඳිනවට

    ReplyDelete