Friday, July 15, 2011

තිත්ත ඇත්ත_______________

විවාහයට පෙර:
ඔයා කියන දේවල් අහන් ඉන්න මම කොච්චර කැමතිද..ඔයා ඉන්නව නම් මට වෙන මොකුත් ඕනෙ නැහැ..
දවසක..ඔව් දවසක ඔයා එනවද..මගේ ලඟින් ඉඳගෙන..ගිරවියෙක් වගේ කියව කියව ඉන්න..
ඔයා ඕන තරම් කතා කරන්න..
ඔයා ගැන..ඔයාගෙ යාළුවො ගැනැ..එහා ගෙදර බල්ල ගැන..අලුතෙන් ගත්තු ඇඳුම ගැන..
මං ආසයි අහන් ඉන්න..ඔයාගෙ කතා කරද්දි ඔයාගේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න..ඔයාගෙ තොල් දෙකට වඩා කතා කරන්නෙ ඔයාගෙ ඇස් දෙක..දන්නවද මට ආදරේ හිතෙනව..

විවාහයට පසු:
මොන වදයක්ද අනේ..කියවනව කියවනව ඉවරයක් නෑ..නිදාගන්න ගියත් කියවනව..අවිදින්න ගියත් කියවනව..පත්තරයක් බලන්න ගත්තත් කියවනව..
ඔයාට කියවල ඇති වෙලා නැද්ද..
අරය ගැනයි..මෙයා ගැනයි..එහා ගෙදර බල්ලො පූසො ගැනයි..අලුතෙන් ගත්ත සපත්තු ගැනයි..
මොන කන්දොස්කිරියාවක්ද..එ මදිවට..ඔය කතා කරද්දී එක දිගට ගැහෙන ඔයාගෙ ඇහි පිල්ලම්..ඔයාගෙ තොල් දෙක දිහා බලන් ඉන්නවට වඩා අමරුයි ..ඔයාගෙ ඇස් දෙක දිහා බලං ඉන්න..
''ඇයි අනේ ඔයාමනෙ කිව්වෙ..මං කතා කරද්දි ඔයට ආදරේ හිතෙනව කියල..මගෙ ඇස් දිහා බලන් ඉන්න ආසයි කියල..ඉතින් මං එකදිගට කියවන්න පුරුදු උනා....ඔය එපා කියනව නම් ඉතින් නවත්තන්නම්..මං ඉතින් ඔයා කූඩුවෙ දාල ඇති කරන්න ගත්ත ගිරවිනෙ..''


3 comments:

  1. එහෙම තමා බදිද්දි එහෙමයි බන්දම මෙහෙමයි. මෙහෙමනේ බදින්න කලින් එයාට ගොඩක් ආදරේ පෙන්වන්න ඕනේ. බැන්දට පස්සේ තමන්ගේ වෙනවා. හරියට තමන්ගේ ඇඟේ කෑල්ලක් වගේ.

    එහෙම උනාම කවදාවත් අපි අපේ ඇඟෙන් අහන්නේ නැහැනේ රිදුනද නැද්ද කියලා. ඔයවගේ සීන් එකක් තමා වෙන්නේ.

    ReplyDelete
  2. මදුරංග කියල තියෙන්නෙ ඔය නියමෙට :)

    ReplyDelete
  3. සහතික ඇත්ත..මදුරංග :D

    ReplyDelete