Saturday, July 9, 2011

- මුලාව -

වැහි බිඳුවක්,,
ආදරය කලා
ගොඩක් කල් ඉඳන්
වළාකුලකට තුරුලු වී හිඳ
පහතින් පේන දිය බිඳකට,,

දවසක්දා..

වළාකුලට ඇන තියගෙන
බොහෝ වේලාවක් කල්පනා කරපු වැහිබිඳුව
එදා උදේම පායපු
පළවෙනි දෙදුන්න දිගේ ලිස්සල පොලොවට ආව
පහලින් පෙනුනු දිය බිඳුව හොයාගෙන,,

ඇවිල්ල බැලුවමලු දැක්කෙ දිය බිඳුවක් වගේ පෙනුනට,,
ඒක වැහි බිඳු ගොඩක් එකතු වෙලා හැදුනු මහ විශාල වැවක් කියල,,,,,,,




4 comments:

  1. පුංචි දියබිඳු ගොඩක් එකතුවෙලා තමයි ඒ වැව හැදිලා තියෙන්නේ.

    ReplyDelete
  2. වැවට ආදරේ කරපු ,,අහසෙ හිටපු හැම වැහි බිඳුවක් ම දේදුන්න දිගේ පල්ලහාට ලිස්සල ඇවිත්ලු වැවක් හදල තියෙන්නෙ

    ReplyDelete
  3. ඇත්ත මහ වැවට ආදරේ අරන ඒ පුන්චි වැහි බිදු හැමදාම පහලට ඇවිත් වැව පුරවාවි..

    ReplyDelete
  4. ඒ දිය බිදුවට තවත් දියබිදු ගොඩක් ආදරේ කරාවි....

    ReplyDelete