Thursday, July 7, 2011

- මොලයෙන් ආදරෙ කිරීම -

කොච්චර වැරදුනත් තාම හැදිල නැහැ නේද..
රෝමියෝ ජුලියට් ල..

සාලිය අශෝකමාල ල..
ලයිලා මජ්නු ල.. 
හිටියෙ ඉස්සර
එයාල ආදරේ කලේ හදවතින්මලු..
ඔව් ඔව් ඒක ඇත්ත..මං නැහැ කියන්නෙ නැහැ.
ඒත් දැන් ලෝකෙ වෙනස් වෙලා..
ඔයා ජුලියට් වත්..

අශෝක මාල වත්..
ලයිලා වත් 
වෙන්න යන්න එපා
මොකද දැන් කාලෙ 

රෝමියෝ ල,,
සාලිය ල,,
මජ්නු ල..
ආදරේ කරන්නෙ
හදවතින් නෙමෙයිලු
මොලෙන්ලූ,,,,

'' දන්න කවුරු හරි ඉන්නව නම් මට කියල දෙනවද,,මොලෙන් ආදරෙ කරන්නෙ කොහොමද කියල''




5 comments:

  1. ඇත්තටම මොලෙන් ආදරෙ කරන්න පුළුවන්ද? මොලෙන් ආදරේ කරන්න බෑ නංගා.. ඒක ආදරයක් වෙන්නෙත් නෑ මොලෙන් ආදරේ කරොත්,.
    අද කාලේ හදවතින් ආදරේ කරන රෝමියෝලා සාලියලා , මජ්නූලා නැතුව නෙවෙයි. හොයාගන්න ගොඩාක් අමරුයි. ආදරේ මාර්කට් කරන රෝමියෝලා නිසා ඇත්ත රෝමියෝල, මජ්නුලා හැංගිලා. ඒත් ඒ අයගේ අවංක හිත් හැමදාමත් අමරණීය වේවි..

    ReplyDelete
  2. ඔන්න මම නම් දන්නේ නෑ මොලෙන් ආදරේ කරන්න. මම ආදරේ කරනවනම් කරන්නේ මොලෙන් නෙමේ හදවතින්.

    මොලෙන් ආදරේ කරන්න ඒක ක්‍රීඩවක් යෑ. ඔන්න චෙස් වගේ ක්‍රීඩාවක් නම් මොලෙන් කරලා දිනන්න පුලුවන්. එහෙම යෑ පෙම් සටන් කියන දේ !!!!

    ReplyDelete
  3. මම නම් කියන්නෙ ඔය 2න්ම ආදරේ කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි

    ReplyDelete
  4. ලස්සනයි....

    ReplyDelete
  5. හදවතින් කරන්නේ ආදරේ
    මොළෙන් කරන්නේ කෑදරේ

    ReplyDelete