Friday, July 1, 2011

අපේ ආදරේ අසම්මතද?


මගෙ කකුල බැඳල තියෙන දම් වැලේ යතුර හොයාගෙන එන්න..
අපි මේක ගලවල..
ඈත අහසට පියාඹමු..
පියාඹල පියාඹල..

අර සුදු වලාකුළ උඩ ඉඳගෙන 
මහන්සි අරිමු..ඊට පස්සෙ ..
ඔයාගෙ උරහිසට ඔළුව තියාගෙන ..

අර ඔයා දවසක් කියපු
කි‍යුබාවෙ හිටිය
ධනවත් පංතියෙ කොල්ලෙකුට ආදරේ කරපු..
දුප්පත් කෙල්ලගෙ කතාව 
ආයෙමත් අහන්න ආසයි..





4 comments:

  1. හොඳ තේරුමක් තියනවා ......
    හොඳට ගලපලා ලියලා තියනවා ....
    හොඳයි ....

    ReplyDelete
  2. අසම්මතයි සම්මතයි කියලා කියන්නේ පිටින් ඉදලා බලන කෙනෙක්ට මිසක් ආදරය කරන දෙන්නට නෙමෙයි. ඒ දෙන්නට දෙන්නා ආදරේ නම් අදහස් ගැලපෙනවනම් අසම්මත උනත් මොකෝ!!!

    ReplyDelete
  3. මම ත් එකග මධුරංග අයියාගේ කතාවට..තමන් මිස අනුන් ගේ මිනුම් වලට යටත් වෙන්න එපා..

    ReplyDelete
  4. අදහස් වලට ස්තූත්යි.

    ReplyDelete