Saturday, July 9, 2011

- මුලාව -

වැහි බිඳුවක්,,
ආදරය කලා
ගොඩක් කල් ඉඳන්
වළාකුලකට තුරුලු වී හිඳ
පහතින් පේන දිය බිඳකට,,

දවසක්දා..

වළාකුලට ඇන තියගෙන
බොහෝ වේලාවක් කල්පනා කරපු වැහිබිඳුව
එදා උදේම පායපු
පළවෙනි දෙදුන්න දිගේ ලිස්සල පොලොවට ආව
පහලින් පෙනුනු දිය බිඳුව හොයාගෙන,,

ඇවිල්ල බැලුවමලු දැක්කෙ දිය බිඳුවක් වගේ පෙනුනට,,
ඒක වැහි බිඳු ගොඩක් එකතු වෙලා හැදුනු මහ විශාල වැවක් කියල,,,,,,,




Thursday, July 7, 2011

- බල්ලෙකුට ආදරය කලෙමි -

''අනේ හරි අහිංසකයි නේද..බලන්නකො හරි හුරතල්''
එහෙම හිතල මමත් ගෙනාව
පාරේ හිටපු බලු පැටියෙක්
ලස්සන නිසා  වර්ගෙ හෙව්වෙත් නෑ..
සුපර් මාර්කට් එකේ තිබ්බ
සුපිරි කෑම දීල
උදේ දවල් බලා ගත්ත
මගෙ කාමරේම තියලා
 මාසෙකින් විතර හොයන්නවත් නෑ


ඊයෙ පෙරේද මං දැක්ක
එහා ගෙදර අන්කල්
රට ඉඳන් ගෙනපු
බැල්ලි එක්ක වත්තෙ සෙල්ලම්  කරනව
 ''අපරාදෙ මගෙ ආදරේ..
බල්ලෙකුට දීපු ''
මට එහෙම හිතුනත්
අන්තිමට බල්ලට ගැලපෙන බැල්ලියෙක් හම්බුනානෙ
කියල සතුටු වෙන
ආදරණීය හිතක්
මට නැත්තෙම නෑ



- මොලයෙන් ආදරෙ කිරීම -

කොච්චර වැරදුනත් තාම හැදිල නැහැ නේද..
රෝමියෝ ජුලියට් ල..

සාලිය අශෝකමාල ල..
ලයිලා මජ්නු ල.. 
හිටියෙ ඉස්සර
එයාල ආදරේ කලේ හදවතින්මලු..
ඔව් ඔව් ඒක ඇත්ත..මං නැහැ කියන්නෙ නැහැ.
ඒත් දැන් ලෝකෙ වෙනස් වෙලා..
ඔයා ජුලියට් වත්..

අශෝක මාල වත්..
ලයිලා වත් 
වෙන්න යන්න එපා
මොකද දැන් කාලෙ 

රෝමියෝ ල,,
සාලිය ල,,
මජ්නු ල..
ආදරේ කරන්නෙ
හදවතින් නෙමෙයිලු
මොලෙන්ලූ,,,,

'' දන්න කවුරු හරි ඉන්නව නම් මට කියල දෙනවද,,මොලෙන් ආදරෙ කරන්නෙ කොහොමද කියල''




Tuesday, July 5, 2011

ආදරය - නිදහස

නෑ නෑ ඕක නෙමෙයි මේක....
මං කිව්වනෙ ඕක කරන්න එපා කියල
මං කියන දේ අහන්නෙ නැද්ද?
මං යන්න එපා කිව්ව නේද එතනට
මං සැරින් සැරේ ඇවිත් බලනව..
ඉන්නවද කියල හොඳද..
එයත් එක්ක කතා කරන්න එපා..
මං කැමති නැහැ එයාට

මං ඔයාට ආදරේ හින්ඳනෙ
මේ හැම දෙයක්ම කියන්නෙ....

''අනේ කරුණාකරල..ඔයාගෙ ආදරේ
     අපහු අරගෙන

   මට මගේ නිදහස දෙනවද
''






Monday, July 4, 2011

- ඔබේ නමින් මගේ සොහොන් ගීය -

මා මළ පසු
සොහොන් කොතෙහි ලියනු මැනවි
ඔබට නොකියූ හිතේ සැඟවූ
දෑසින්ම පමණක් ඔබට පැවසූ
ඒ වදන්
''ආදරෙයි මං''
වෙනෙකෙකු කොළයක අත්සන් කර
සින්නක්කරම අයිති කර ගත්
මුළු හදින්ම
තවම ඔබට
කිසිදා නොලැබෙන
කිසිදා නොකියන
රෑ සිහිනෙන් තවමත් මා
හිටි ගමන් ඇහැරන
මගේ ''ප්‍රථම ප්‍රේමය''
නුඹ තවම.....


කසාදය - ජීවිතය - දික්කසාදය

''කසාදය''
නොගැලපීම් අමතක කොට ගැලපීන් එකතු කිරීම

'' කසාදයෙන් පසු ජීවිතය''
ගැලපීම් අමතක කොට නොගැලපීම් එකතු කිරීම

''දික්කසාදය''
දුක් මහන්සියෙන් එකතු කර ගත් නොගැලපීම්,,

අඩුපාඩු ,,
අතපසු වීම්
දෙකෙන් වැඩි කොට ,,
පෙරුම් පුරා ගලපාගත් ගැලපීම්
මුහුණට දමා ගසා
විසිර යාම










Friday, July 1, 2011

අපේ ආදරේ අසම්මතද?


මගෙ කකුල බැඳල තියෙන දම් වැලේ යතුර හොයාගෙන එන්න..
අපි මේක ගලවල..
ඈත අහසට පියාඹමු..
පියාඹල පියාඹල..

අර සුදු වලාකුළ උඩ ඉඳගෙන 
මහන්සි අරිමු..ඊට පස්සෙ ..
ඔයාගෙ උරහිසට ඔළුව තියාගෙන ..

අර ඔයා දවසක් කියපු
කි‍යුබාවෙ හිටිය
ධනවත් පංතියෙ කොල්ලෙකුට ආදරේ කරපු..
දුප්පත් කෙල්ලගෙ කතාව 
ආයෙමත් අහන්න ආසයි..