Wednesday, June 29, 2011

රෝමියෝ -ජුලියට් (සම්මුඛ පරීක්ෂනය)


යා දන්නවද ජුලියට් .. වෙරෝනා නගරයම
අපේ ආදරේ පාට ගෑවුනු සුවඳ හමන පුංචි මල් වලින් පිරිල..
හොඳ වැදගත් පාට ලස්සන ගවුමක් ඇඳගෙන එන්න අපි ඇවිදිමු අද දවසම..
..............................
..........................
ජුලියට් දන්නවද මං ආදරෙයි මුළු ලෝකෙටත් වඩා .. හැබැයි එක දෙයක්...ඔයා ඔයාගෙ නම කාටවත් කියන්න එපා..එතකොට හැමෝම දැනගනියි මං ආදරේ කරන්නෙ පහත් කුලේ කෙල්ලෙකුට කියල..ඔයා දුප්පත් කියල..ඔයා ඒ තරම් දුරට ඉගෙන ගෙන නැහැ කියල කාටවත්ම කියන්න එපා.වැඩිය කාත් එක්කවත් කතා කරන්න යන්නත් එපා..මේ අහන්න මං ඔයාට ආදරේ තමයි..ඒත් ඔයාව බඳිනවද නැද්ද කියල මට තව හිතන්න ඕනෙ..
ඇයි මොනවත් කියන්නෙ නැත්තෙ... කියන්න ම්ං අහගෙන ඉන්නෙ
..............................
..........................
මට ඔයගෙන් අහන්න තියෙන්නෙ එකම එක දෙයයි.. මම ජුලියට්..ඒක ඔයාට දැනෙනව ඇති... ඒත් ඔයා රෝමියෝ ද??


Tuesday, June 28, 2011

‎- මේ ආදරයම නොවෙදෝ -

මුහුණට වැටෙනා
කෙහෙලැලි එකිනෙක
සිඹිනා දෙතොලට
ලo වී ගෙන රහසේ

කියා දෙන්න මට
ආදර වැස්සට
නොතෙමී මේ හද
තියා ගන්නෙ කෙලෙසේ

වෙනදා හීනෙක
සිතුසේ පියඹන
මගෙ සිත අද
නැවතී කිමදෝ

මගෙ හද සසලව
යන ලෙස මතුවන
සිතුවිලි කන්දම
ආදරයම නොවෙදෝ






- ආදරෙයි -

නිහඬ හදවත
දුකින් හඬ හඬ
කියයි ඔබ ගැන
ආදරේ..

වෙන්ව යනු කිම
ඇයිද තහනම
පෙම් කරන්නට
ලෝකයේ..

කියා දෙනු මැන
ලොවට රහසෙම
ආදරේ ලියැවුනු
හැටි හදේ..

ඇවිද යමු අපි

දෙ අත් පටලාකිසිවෙකුත් නැති
මo මාවතේ..





Wednesday, June 22, 2011

- මඟ නොදැන ඉගිලෙමි -

මට නිදහසේ ඉන්න දෙන්නෙ නැහැ
ඔයාගෙ ඔය ඇස් දෙක
ඇත්තමයි,,

යන්න දෙන්නෙ නැද්ද
ඉගිල්ලෙන්න ඕනෙ මට
වෙනද වගේම,,

ඔයාගෙ හීන බර වැඩියි
මගෙ හිත උඩින් තියන්න එපා
හිත කැඩෙයි,,

ඔයාගෙ ලෝකෙ ලොකුයි
මගෙ ලෝකෙට වඩා
සසඳන්නෙ ඇයි
දැන දැනම,,

අතාරින්න මගෙ හිතින්
මo යනවා..
එන්නෙ නෑ සත්තයි,,




‎- නමක් නැත -

ලියන්නලු මට
ආදරේ හැර
වෙන දෙයක් ගැන..
ඔය තියෙන්නෙ
ඇති තරමට,,
ලියන්න දෙවල්ද නැත්තෙ,,

මටත් හිතුන ලියන්න,,
ජාතික වීරයන්
ශ්‍රී ලoකාවේ නටඹුන්
ජාති භේදය
දේශපාලන අර්බුදය

ඒත් කොහෙද,,,

විදේශීය බලපෑම්
වලින් ,,
පටන් ගන්න කවිය
ඉවරවෙන්නෙ ඔයාගෙ ආදරෙන් නම්
මo මොකද කරන්නෙ...




‎- සින්ඩරෙල්ලා -

එදා රෑ පාටියෙදි
දාල ආවට සෙරෙප්පුව
කතාවෙ උන් කුමාරය
ආවෙ නෑ මෙතෙක් කල්
තාම මo බලාගෙන,,

සති ගනන් පහු උනා
මාසෙකුත් ගත උනා
හරිගියාවද වෙන කාගෙවත්
කකුලකට සෙරෙප්පුව,,,

අන්තිමට
සෙරෙප්පුවත් නෑ,,
ආව ඇති කුමාරයෙකුත් නෑ,,,




Tuesday, June 21, 2011

- නොදැනුනු හාදුව -

කඳු අතර උපත ලද
ගී ගයන සියුමැලි
සුළo දෙව්දුව
මල් පියළි ඇමිණූ
සීත සළු හැඳ


නොවරදවාම හැම දින
ලොව නිදන යාමෙට
කවුළුව අතරින් 
යනවාලු ඔහු
නිදන කුටියට


නිදන ඔහු හට
නොදැනෙන විලසට
කළු රැවුල් කොට
පිරිනු කොපුලට
සුදුමැළි දෙතොලින්
තවරා හාදුව


පැන ගොස් නැවතත්
කවුළුව පිටතට
නිදනවාලු 
සැඟවී
කඳුවැටි පිටුපස






‎- බොරු අල්ලන සෙල්ලම -

අපි සෙල්ලමක් කරමු
දෙන්නට දෙන්න
ඇස් දෙක දිහා බලාගෙන ඉමු
මුලින්ම අහක බලාගන්න කෙනාගෙන්
හාද්දක්....

ඔයා හැමදාම අවුට්
මට දිනලම එපා වුනා
මo හිතුවෙ
හාදු දෙන්න
ඕන කමට කියල
මෙච්චර කල්..

අපෙ අම්ම ඊයෙ කිව්ව

''වoචාවක් හිතේ තියාගෙන
ඇස් දෙක දිහා බලන් ඉන්න                                               

බොරු කාරයන්ට බැහැලු
''







Monday, June 20, 2011

‎- ඔබ එනවානම් -

පිණි වැස්සට
තෙමුනු වතක
පිණි බිඳු
දෙතොලින් උරන්න

සීත පවන
දෙන සිසිළස
මකා දමා තුරුළු වන්න

ඈත දුරට
නෙතු යොමාන
ඉන්නම් මා
මඟ බලාන

ඔබ එනතුරු
සිනහ අරන්
යළි මා නළලත සිඹින්න,,






වර්ණ අවර්ණ


නිල් පාට අහස වෙත
සුදු සුමුදු තටු සලා
පියාඹන මා සිත
රෝස පාට හාදුවෙන්
වර්ණවත් කල
ඔබේ අවර්ණ ආදරේ..


සුදු කළු ලෝකෙක
අළු පාට හීනෙක
සැඟව සිට සොයාගත්
අවර්ණවත් ඔබේ සිත
රතු පාට දෙතොලින්
පාට කල
මගේ වර්ණවත් ආදරේ

- පොරොන්දුවට පොරොන්දුව- බොරුවට බොරුව-ආදරේ ගනු-දෙනු වක්ද? -


අපි දෙදෙන
තුරුළු වී හිඳ
ආදරේ කල දවස
මතකද ඔබට?


කිව් හැටි මතකද
ආදරේ මට
සවනට ලo වී
හෙමිහිට හෙමිහිට,,


හැර නොයමි 
තනි කර
කිසිම දින මා
පණ ගැහෙන තුරාවට,,


කිව්වා මතකයි
මමද හොඳ හැටි
දෑස් ලොකු කර
හැර ගියොත් ඔබ
පනිමි අර මුහුදට


හැර ගියා ඔබ
පොරොන්දුව කඩ කොට
පැන්නෙත් නෑ මo
අර කිව්ව මුහුදට,,


මැරෙන්න බය නෙමෙයි
ඔයා හිතුවට,,



කඩ කරන්නට
දුන් පොරොන්දුව
හැකිනම් ඔබට 
මටත් පුළුවන්....                                

Sunday, June 19, 2011

- කඩාකප්පල් වූ ජීවිතය -

සොයා ගතිමි
මo මගේ නිදහස
කඩාකප්පල් වූ
ජීවිතය තුල

ක්‍රමානුකූලව සැකසූ
සැපවත් අනාගත හීනය
බිඳ දැමූවෙමි,,,

ජීවත් වෙමි
මොහොතින් මොහොත
අනාගතය
අතහැර
වත්මන තුල,,

අනාගත සැළසුම්
කිසිත් නැත
අද දවස පමණි
ඉතිරි මා හට,,

සිහින විසිකර
හුස්ම ඇහිඳිමි
කඩාකප්පල් වූ ජීවිතය තුල,,

''මම නිදහස්''
හඬ ගා කියමි

ඉගිල යමි
අරමුණක් නොමැතිව,,
පෙර දිනක නොතිබූ
සැහැල්ලුවකින්,,

කෑ ගසා කියමි
යලි යලිත්
නුඹට මෙන් මට නැත
පරිස්සම් කරන්නට
හීනයක්,,
ගොඩ නගන්නට
අනාගතයක්,,

''මo දැන් නිදහස්''                                                               

- තාම හොයනවා -

මo හෙව්ව..
මo වෙනුවෙන් සිoදු කියන
ලස්සන කුරුල්ලෙක්..


හම්බුනා
හම්බුනා...

හෙව්ව වගේම..
ලස්සන එකෙක්
සිoදුත් කියනව
හැබැයි මට නෙමෙයි,,

හෙවිල්ල නතර කලෙත් නෑ මo

මොකෙක් හරි සතෙක්
හැබයි සින්දු කියන එකෙක්..
හෙව්ව මo
හෙව්ව මo..
ආයෙමත්,,

හම්බුනා
හම්බුනා

මේ පාර ගිරවෙක්
ලස්සන සිoදුවක් කියනවා
මටම ලිව්වා වගෙයි..
නැහැනෙ වැරදියි..
මේ පාරත් මට නෙමෙයි..

තාම හොයනවා මම
මටම විතරක්
සින්දු කියන
මොකෙක් හෝ සතෙක්..      
                                            

‎- ප්‍රේමය මෙයද? මගෙන් නොඅසන්න -



නුඹ..
පෙර දිනක මා හද
ගෙල මුලින් සිරකොට
මරා දැමූ පවට


අද..
ඇගේ පෙම රුදුරු වී
වෙනස් වී ඇත
කිය කියා හද
පහුරු ගාමින් හඬන

මම..
එදා නුඹ මරා දැමූ හද
දෝතින් ගෙන..

නුඹේ
නෙතින් ගලන
කඳුළු දැක දැක
සිනාසෙන..

ප්‍රේමය මෙයද?
මගෙන් නොඅසන්න..




  






Saturday, June 18, 2011

ප්‍රේමයට ඉඩ නැත............


කැඩී බිඳී විසිර ගියද
යලි යලිත් පිළිසකර කර
තැනූවෙමි හදවත..


''ප්‍රේමයට ඉඩ නැත''


රතු පාට තීන්තයෙන්
ලියා ගැසූවෙමි
පුවරුවක් හදේ හරි මැද



ඔබ සුළඟ ලෙස
හමා ඇවිදින්
හද බිමපුරා
සැරිසැරුව...
 


මම ගැසූ පුවරුව
හෙමින් උගුලා
යළි යළිත් හද බිමෙහි
ප්‍රේමයට ඉඩ ගෙන...  
                                                                                                           



Friday, June 17, 2011

මo මුලා වූ සමනළියක්මි...........


මම සමනළියක්....
ඔයා කිව්වා ඔයත් සමනළයෙක් කියල...
අපි ආදරේ කලා..
මම
ලස්සන පාට පාට හීන මැව්ව..
අර ඈත පේන දේදුන්න උඩ වහලා..
පහතින් පේන.. ලස්සන කඳු වැටි..කොල පාට  වනාන්තර.. දිය ඇලි
ඔයාට පෙන්නන්න.                                                                                                                                                          .
දෙතුන් වතාවක්ම..
මම ඔයාට අඬ ගැහුව මාත් එක්ක යන්න එන්න කියල..
ඒ හැම වතාවකම..
ඔයා බැහැම කිව්වා..
මම පස්සෙ දැන ගත්ත ඔයා  කඩදාසි සමනළයෙක් කියල...
ඔයාට ඕන උනේ අපිව වට වෙලා තිබුන කඩදාසි වලින් හදපු ලොකේ හැමදාම ජීවත් වෙන්න..
ඒක නිසා ඔයා.. 
ඔයා වගේම පියාඹන්න දන්නෙ නැති..
කඩදාසි සමනළියක් හොයා ගෙන.. 
මටත් නොකියම..
මම පියාඹනව..
සමනළ තටු රිදෙනකම්..
කැඩිල යනකම්..
හිතේ දුක හිඳෙනකන්ම...
අර ඈත පේන පාට පිරුන දේදුන්නට.........
 



සමනළ තටු.....


මට මතකයි..
මම පියෑඹුව..
ඔයාගෙ ඇඟේ ගෑවි ගෑවි..
මම් පියෑඹුව..


ඔයාගෙ තටු වල තිබුන සමහර පාට මගේ තටු වලත් ගෑවුනා..
මට හිතුන එතකොට මම තවත් ලස්සනයි කියල..
මම අඩම්බරෙන් ඈතට ඈතට පියාඹල ගියා..                                                                                                                   
 ආපහු හැරිල බලද්දි 
ඔයා හිටියෙ නෑ..
ඔයා වෙන කොහෙටද පියාඹල ගිහින්..
මන් ඔයාව හැම තැනම හෙව්ව..
බැරිම තැන  මහ හයියෙන් ඇඬුවා,,
ඔයා ඉන්න තැනකට ඇහෙයි කියල..
ඒත් ඔයා ආවෙ නෑ.. 
ටික දවසකට පස්සෙ මන් දැක්ක..
ඔයා වෙනද වගේම සතුටින් මගෙ දිහාට පියාඹගෙන එනවා...
ඒත් අද ඔයාගෙ එහා පැත්තෙන් පියාඹගෙන ආවෙ වෙන සමනළියක්..
රත්තරන් පාට දිලිසෙන තටු තියෙන ලස්සන සමනළියක්..
මගේ හිතට මහ දුකක් දැනුනත් මම හිත හදා ගත්ත..
ඔයා සතුටින් ඉන්න නිසා..
මට වඩා ලස්සන සමනළියක් ඔයාට ලැබුන නිසා..
එහෙම හිතල,,,
එදා ඔයාගෙ තටු වල තිබිල 
මගේ අඟේ තැවරුන පාට කඳුලු වලින්  හෝදල යවන්න හැදුව....
කොච්චර හේදුවත් මට තාමත් ඒ පාට යවා ගන්න බැරි උනා..
















 

සොඳුරු ඉසව්ව...


වැහි පොද හිරිකඩ
මැද
ඇවිදන් ගියා මතකද...
තෙමි තෙමීම
ආදරෙන් අත් අල්ලගෙන...
මුහුණට මුහුණ බලමින්..
සිනහ වුනා මතකයි දෙදෙනාම එකවර..
දෙවරක් තුන්වරක්ම...


පාර දෙපැත්තෙ වීදුරු ගොඩනැගිලි
අපිට අපිවම පේන..
වැහිපොද අස්සෙන් රින්ගන...
හිරු කිරණ වැදී  දිලිසෙන..


අපි
තාමත් අත් අල්ලගෙන
පාර හරහා මාරු වෙනව..
රතු කොළ කහ පාට එළි තෝර බේරගෙන
පරිස්සමට
අඩිය තියල

පාර හොඳටම තෙමිල...
ඒ වගේමයි අපිත්
ආදර වැහි වතුර නාගෙන..
ඒත් කිසි ගානක් නැතුව 
තාමත් ඇවිදිනව
ඉසව්වක් ගැන හාන්කවිසියක් නොදැන
නැවතුමක් නැති මාවතේ..
තාමත් අත් අල්ලගෙන....

 



සොයා දෙන්න!!!


මගේ හදවත..
සොයා දෙන්න..
නැති වුන දිනය..
තැන..
වේලාව..
හරියටම මතක නැතත්..
අන්තිමට දැකපු වෙලාවේ..
ගොඩක් දුකින් හිටියෙ..
මට විශ්වාසයි..
කවුරුත් නැති තැනකට වෙලා..
අඬ අඬ ඇති,,


 කරුණාකරල මට හොයල දෙන්න..

නෑ නෑ ඕක නෙමෙයි,,
මගේ හදවත ඔච්චර රළු නැහැ..
ගොඩක් සිනිඳුයි..


ආ..අර තියෙන්නෙ..
ඒක දෙන්න බලන්න..
හ්ම්
ඒකත් නෙමෙයි..
මගේ හදවත ඔච්චර නපුරු නැහැ..
අහින්සකයි..


පොඩ්ඩක් බලන්නකො..
කොහේ හරි ඇති..
හ්ම්..
ගොඩක් බර ඇති..
ආදරේ පිරිල..
අතට ගත්තම දැනෙනවා..


ආහ්...තව දෙයක්..
ලේසියෙන් අඳුරගන්න පුලුවන්..


හදවත හරි මැද්දෙන් කැඩිලා ගිය සළකුණක් තියෙනව..
ඔව්.. ඔව්..
ඒ වෙන් වෙලා ගිය තැන..මේ ලඟදි පාස්සන්න උත්සහ කරපු බවත් හොදටම පේන්න තියෙනව..
අනේ..
කවුරු හරි දැක්කොත් කරුණාකරල මට දැනුම් දෙනවද???..









ඔබෙ වත කුමටද?? සඳ නැති දා...


සඳ වගේමයි මමත්
මේ රෑ අහසෙමයි ඉන්නෙ
මටත් මුළු ලෝකෙම මෙතනට පේනව..
ඔයාවත්


ඒත්
අවාසනවට වගේ
ඔයාට හැමදාමත් පෙනුනෙ
ඇහැට කනට පේන්න ඉන්න
හඳ විතරයි
අමාවක දාටවත්
ඔයාව දාල යන්නෙ නැති
මේ
පුන්චි තරුව ඔයාට පේන්නෙ කවදටද??
අනේ මන්ද
මේව ගැන හිතල හිතලම
මගේ
දිස්නෙත් දැන් අඩු වෙලා ගිහිල්ල..


 








=============මo මුලා වුවෙමි====


තරණය කරමි
පෙම් සයුර
සත් අවුරුද්දක් තියා...


පැද යමි ඔහේ නෞකාව..


බලා සිටියෙමි තරු රටා දෙස
නෙතු පියෙන තුරු..
 ගත සිත දෙකම
හෙම්බත්ව යන තුරු...



මඟ කියන එකඳු තරුවක්
පෑයුවේ නැත
මෙතුවකට..
නිසොල්මන් ගොළු සඳ
පමනි මට තනියට...


හැර දමා ගොළුවත
පවසන්න සඳවත
ඉසුරු පිරි දූපතට
මෙතැන් සිට කෙටිම මඟ..

අදවත් වහීවිද?


පෙරදිනක ඇවිද ගිය
මල් පියළි පලස මත
එනවාද බෑ නොකිය
අදත් ඇවිදන් යන්න


දෙසවනට කොඳුරමින්
එදා නුඹ මට කිව්ව
පාට පොද පිණි වැස්ස
අදවත් වහීවිද??                                                              

මොණර කිරිල්ලී


හැඩ දෙතොල් රත් පැහැ‍ය අඩුවී
විඩාබර නෙත් යුවල පියවී
පා සළඹ ගැලවී ගියද පැටලී
රැඟුමකට සැරසෙත්ද මොණරී

දුහුල් සුදු සේද ඉහිරී
ගියත් ඇය රඟ දෙයි සිනා සී
නොදැන ඔහුගේ මියුරු පෙම් ගී
සඳ ගිලීයන තුරා පමණී                                                                    

ඒක සිහිනයක්..


සිහින ගනිනා නිමේශයක
නාස් පුඬු සිප
සුළන් රැල්ලක
ඇඳී ආ නුඹෙ සුවඳ
මතක් කලා නැවතත්
ඒ එක් සිහිනයක නුඹේ නමත්
ගෑවී ඇති බවට....



ඔබ සිහිනයක් නොව
සැබෑවක් වූ යුගයක්
තිබූ බව කිව යුතුය


පපුව සිර කල
බර සුසුම්
කම්මුලක වැදී යන තරම් 
ලoව කෙඳිරූ වදන්
තවම මතකද
මට මෙන් ඔබට?


සිහින ගනිනා නිමේශය
තවමත් හමාර නැත
හැකිද නැවතත්
එකම වරක් පමණක්
ඇසිපිය වසන ඇසිල්ලට
තබන්නට
අව්දින්
දෙතොල් පෙති මුද්‍රාව
...                                                          
Add caption